මහීශ් තීක්ශණගෙන් නැවතත් සාර්ථක පන්දුයැවීමක්.. - SL Cricket Lions - Sinhala
IPLLeague

මහීශ් තීක්ශණගෙන් නැවතත් සාර්ථක පන්දුයැවීමක්..

මෙවර IPL තරඟාවලියේ 22 වන තරඟය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 137 ක් පමණයි. කොල්කටා ඉනිමේදී නායක ශ්‍රේයස් අයියර් 34(32) හැර අනෙකුත් කිසිම පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට ජඩේජා ප්‍රමුඛ චෙන්නායි පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නෑ.

විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ රවීන්ද්‍ර ජඩේජා සිය පන්දුවාර 04 තුළ ලකුණු 18 කට කඩුලු තුනක් බිඳදැමූවා. ඔහුට අමතරව තුශාර් දේශ්පාන්ඩේ ලකුණු 33 කට කඩුලු තුනක් බිඳහෙලූ අතර මුශ්ටෆිශුර් රහ්මන් ලකුණු 22 කට කඩුලු දෙකක් බිඳදැමුවා.

පෙර තරඟයේ සේම මෙම තරඟයේද සාර්ථක පන්දුයැවීමක නිරතවෙමින් මහීශ් තීක්ශණ, ලකුණු 28 කට එක් කඩුල්ලක් දවාගනිමින් සිය පන්දුවාර හතර නිමාකළා. මෙම කඩුල්ලත් සමඟින් මහීශ් තීක්ශණ විස්සයි විස්ස පිටියේ කඩුලු 150 හේ සීමාවටද ළඟාවුණා. ( මහීශ් තීක්ශණ දවාගත් කඩුල්ල පහතින් නැරඹිය හැකියි )

මහීශ් තීක්ශණ දවාගත් කඩුල්ල ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button