ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් අයි.සී.සී ය වෙත පෙස්සමක්?? - SL Cricket Lions - Sinhala
News

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් අයි.සී.සී ය වෙත පෙස්සමක්??

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය ඊයේ ආරම්භ වූ අතර, පළමු තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 119ක දැවැන්ත පරාජයක් ලැබීමට සිදුවුණා. 

පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වූයේ නායක හැරී බෲක් සමඟින් එංගලන්තය පිතිකරුවන්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙනි.

නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවීලබාගැනීමට හැකිවූයේ ලකුණු 135ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 33ක් ලබාගත් දුනිත් වෙල්ලාලගේ යි.

මේ අතර, තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් ICCය වෙත පෙස්සමක් යවා ඇති බවට කිහිප දෙනෙකු ෆේස්බුක් හි පළ කර තිබුණා. මේ තිබෙන්නේ එවැන්නක්, 

කෙසේ නමුත්, අප (SRI LANKA CRICKET LIONS – slcricketlions.com) මේ පිළිබඳව තවදුරටත් සොයාබැලූ අතර, එහිදී තහවුරු වූයේ එවැන්නක් ක්‍රීඩකයින් විසින් කර නොමැති බවයි. ඒ අනුව ෆේස්බුක් හි ප්‍රචාරණය වන මෙම පුවත ක්‍රීඩකයින්ට අපහාස කිරීම සඳහා කිහිපදෙනෙකු විසින් කරගෙන යන අසත්‍ය පචාරයක් බවට අප තහවුරු කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button