පකිස්තාන ටෙස්ට් තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි: කුසල් මෙන්ඩිස් නායකත්වයට. 🇱🇰 - SL Cricket Lions - Sinhala
News

පකිස්තාන ටෙස්ට් තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි: කුසල් මෙන්ඩිස් නායකත්වයට. 🇱🇰

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට (2025-2027) අදාළව, එළඹෙන නොවැම්බර් 09 වන දින රාවල්පිණ්ඩි හිදී ආරම්භ වීමට නියමිත පාකිස්තාන කණ්ඩායම සමඟ තරඟ දෙකකින් සමන්විත ද්විපාර්ශ්වික ටෙස්ට් තරඟාවලිය (Two-match Test Series) සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයේ වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවරී ඇති අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්ශංක, ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය (Medical Fitness) මත තරඟාවලියට එක්වනවාද නැද්ද යන්න තීරණය වනු ඇත.

ඉන්දීය ටෙස්ට් තරඟාවලියට එක්වූ නිරෝශන් දික්වැල්ල, ලහිරු උදාර සහ නිශාන් මදුශ්කට ටෙස්ට් කණ්ඩායමේ ස්තාන අහිමි වී ඇති අතර යොවුන් කඩුලු රකින පිතිකරු අංජල බණ්ඩාරව සංචිතයට කැඳවා තිබීම විශේශත්වයක්. ආබාධයකින් සුවය ලැබූ දිනේශ් චන්දිමාල්ද නැවත කණ්ඩායමට එක්වී ඇති අතර වේගපන්දු යවන ක්‍රීඩක එශාන් මාලිංගවද පළවු වරට ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය (Sri Lanka Test Squad):

  1. පැතුම් නිස්ශංක (සංචාරය සඳහා එක්වන්නේ වෛද්‍ය වාර්තා අනුව යෝග්‍යතාවය තහවුරු වුවහොත් පමණි)
  2. පසිඳු සූරියබණ්ඩාර
  3. දිනේෂ් චන්දිමාල්
  4. කමිඳු මෙන්ඩිස්
  5. සොනල් දිනුෂ
  6. කුසල් මෙන්ඩිස් – (නායක / Captain)
  7. දනංජය ද සිල්වා
  8. අංජල බණ්ඩාර
  9. කේශර නුවන්ථ
  10. ප්‍රභාත් ජයසූරිය
  11. මිලාන් රත්නායක
  12. ලහිරු කුමාර
  13. අසිත ප්‍රනාන්දු
  14. දිල්ෂාන් මධුසංක
  15. එෂාන් මාලිංග
Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button