
2026 කාන්තා ආසියා කුසලාන තරඟාවලියේ 6 වන තරඟය ලෙස ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාවව අතර පැවතී තරඟයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් වාර්තාකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.
පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6ක් ලකුණු 62ක් තුළ දැවීගිය අතර එක් අන්තයක් ආරක්ෂාකර ගනිමින් කණ්ඩායමට අවශ්‍යම මොහොතේ නිලක්ශිකා සිල්වා ලබාගත් අර්ධ ශතකයත් සමඟින් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 124ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
අනතුරුව ලකුණු 125ක් හඹායාම සඳහා පිටියට පිවිසී ඉන්දුනීසියාවට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 49 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු පන්දුවාර 3.3 කදී ලකුණු 5ක් පමණක් ලබාදී කඩුලු 7ක් දවාගැනීමට සමත්වුණා. එහිදී ඇය කඩුලු ත්‍රිත්වයකට ද හිමිකරගත්තා.
චමරි අතපත්තුගේ විශිෂ්ට පන්දු යැවීම මෙන්න.

