තමා සමුගන්නා බවට පැතිර යන පුවත් අසත්‍ය බව මිලර් තහවුරු කරයි.. - SL Cricket Lions - Sinhala
All News

තමා සමුගන්නා බවට පැතිර යන පුවත් අසත්‍ය බව මිලර් තහවුරු කරයි..

2024 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඉන්දියාව හමුවේ අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට සිදුවුණා. තරඟයෙන් පසුව මිලර් ඇතුලු දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් සංවේදී වන අයුරු දැක්වෙන චායාරූප සහ වීඩීයෝ සමාජ මාද්‍ය තුළ හුවමාරු වුණා.

එයත් සමඟම දකුණු අප්‍රිකා සුපිරි ක්‍රීඩක ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදුන් බව ප්‍රදාන පෙළේ ක්‍රිකට් වෙබ් අඩවි සහ සමාජ මාද්‍ය වාර්තා කර තිබුණු අතර මෙම පුවත් සමාජ මාද්‍ය තුළ වේගයෙන් පැතිරී ගියා.

මේ සම්බන්ධව සිය නිළ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් තමන් සමුගන්නා බවට පැතිර යන පුවත් සියල්ල අසත්‍යක් බව ඩේවිඩ් මිලර් තහවුරු කර තිබුණා. ඒ අනුව ඔහු තවදුරටත් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් සේවය ලබාදෙනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button