දකුණු අප්‍රිකා සුපිරි වේගපන්දු යවන්නා තහනම් උත්‍තේජක ලබාගත් බව තහවුරු වෙයි.. - SL Cricket Lions - Sinhala
News

දකුණු අප්‍රිකා සුපිරි වේගපන්දු යවන්නා තහනම් උත්‍තේජක ලබාගත් බව තහවුරු වෙයි..

දකුණු අප්‍රිකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක කාගීසෝ රබාඩා, තහනම් උත්‍තේජක ලබාගත් බවට සිදුකළ පරීක්ශණයකදී තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ලබන මාසයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ඔහුට අහිමිවීමට අවදානමක් ඇතිබවට වාර්තා වෙනවා.

නිමාවූ දකුණු අප්‍රිකා SA20 ලීග් තරඟාවලිය අතරතුර ඔහු මෙම වරද සිදුකළ ඇති අතර ඔහු සිය කාර්ය සාධනය වැඩි දියුණු කරන ඖෂධයක් ලෙස මෙය ලබාගෙන නොමැති බවත් විනෝදාත්මක ඖෂධයක් ලෙස මෙය භාවිතා කර ඇති බවටයි වාර්තාවෙන්නේ..

පෞද්ගලික හේතුවක් මත IPL තරඟාවලියෙන් ඉවත්වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාවට පැමිණිමෙන් පසුවයි ඔහු තහනම් උත්තේජක සඳහා ධනාත්මක බව හෙළිදරව් වී තිබෙන්නෙ..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button