පැතුම් නිශ්ශංක එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට.. - SL Cricket Lions - Sinhala
ICC Rankings

පැතුම් නිශ්ශංක එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට..

නවතම ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි 08 වන ස්තානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිශ්ශංක සමත්වී තිබෙනවා. මේ වනවිට විස්සයි විස්ස සහ එක්දින තරඟ රටා දෙකේම ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළම පසුවන්නේ පැතුම් නිශ්ශංකයි. ඔහු විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 16 වන ස්තානයේ පසුවෙනවා.

එලෙසම ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියේදී දැක්වූ දක්ශතා හේතුවෙන් යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු එක්දින තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ස්තාන 15 කින් ඉදිරියට පැමිණෙමින් 52 වන ස්තානය හිමිකරගෙන තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button