තරඟ තුනක පරාජයකින් පසු දඹුල්ල පළමු ජය වාර්තා කරයි.. - SL Cricket Lions - Sinhala
LeagueLPL

තරඟ තුනක පරාජයකින් පසු දඹුල්ල පළමු ජය වාර්තා කරයි..

( වීඩියෝව පහතින් ) මෙවර LPL තරඟාවලියේ 10 වන තරඟයේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර ඊයේ (07) පැවැත්වුණු අතර එහිදී කඩුලු 08 ක ජයක් වාර්තාකරමින් තරඟාවලියේ පළමු ජය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 185 ක් රැස්කළ අතර නැවතත් විශිෂ්ට ඉනිමක් දියත්කළ ග්ලේන් පිලිප්ස් පන්දු 36 කින් ලකුණු 52 ක් රැස්කළා. ඊට අමතරව ඇන්ජලෝ පෙරේරා ලකුණු 41 ක් සහ රහ්මනුල්ලහ් ගුර්බාස් ලකුණු 36 ක් රැස්කළ අතර වේගවත් ඉනිමක් දියත්කළ චාමික කරුණාරත්න පන්දු 12 කින් නොදැවී ලකුණු 27* ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දඹුල්ල කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී නියමිත ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළා. දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් පළමු කඩුල්ලට ලකුණු 154 ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැඟීමට කුසල් පෙරේරා සහ රීසා හෙන්ඩ්‍රික්ස් සමත්වුණා. විශිෂ්ට ඉනිමක් දියත්කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 50 කින් ලකුණු 80 ක් රැස්කළ අතර රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 39 කින් ලකුණු 54 ක් රැස්කළා. තරඟයේ වීරයා ලෙසින් විශිෂ්ට ඉනිමක් දියත්කළ කුසල් ජනිත් පෙරේරා සම්මාන දිනාගත්තා.

මෙම තරඟයේදි අනර්ඝ පන්දුරැකීමක නිරතවෙමින් හයේ පහරක් වැළැක්වීමට ග්ලේන් පිලිප්ස් සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ග්ලේන් පිලිප්ස්ගේ අනර්ඝ පන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button