ශ්‍රී ලංකාවට තවත් ටෙස්ට් තරඟාවලි ජයක්. - SL Cricket Lions - Sinhala
Video

ශ්‍රී ලංකාවට තවත් ටෙස්ට් තරඟාවලි ජයක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) බංග්ලාදේශය සමඟින් පැවතී දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 192ක දැවැන්ත ජයක් ලබාගැනීමත් සමඟින් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත්වුණා.

හතරවන දිනය අවසන් වන විට ලකුණු 511ක ඉලක්කයක් හඹායමින් සිටි බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබාසිටි අතර, අද 5 වන දිනයේ ආරම්භක කඩුල්ල ලෙස Taijul islam ද දවාගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්වුණා.

අනතුරුව බංගලාදේශ ඉනිමේ අවසන් කඩුලු දෙක දවාගැනීමට ලහිරු කුමාර සමත්වූ අතර, ඔහු මෙම ඉනිමේ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 50කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා.

අවසන් කඩුල්ල දවාගනිමින් ශ්‍රී ලංකාව තරඟය ජයග්‍රහණය කළ මොහොත වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button