වියස්කාන්ත්ගෙන් සුපිරි පන්දුයැවීමක්. දසුන් ශානක නැවතත් අසාර්ථකයි - SL Cricket Lions - Sinhala
ILT2OLeague

වියස්කාන්ත්ගෙන් සුපිරි පන්දුයැවීමක්. දසුන් ශානක නැවතත් අසාර්ථකයි

ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුනා. ඒ MI එමිරෙට්ස් කණ්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම අතරයි. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් රැස්කළා. එහිදී Max Holden අර්ධ ශතකයක් වාර්තා කළ අතර හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙම තරඟයේදීද අසාර්ථක වූ අතර ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 11 ක් පමණයි.

පන්දුයැවීමේදී නැවතත් විශිෂ්ට පන්දුයැවීමක නිරතවෙමින් ලකුණු 23 කට කඩුලු දෙකක් බිදහෙළීමට විජයකාන්ත් වියස්කාන්ත් සමත්වුණා.

ලකුණු 148 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි MI එමිරෙට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 128 ක් පමණයි. ඒ අනුව ලකුණු 19 ක ජයක් වාර්තාකිරීමට ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා. තරඟාවලිය පුරාවට සාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා මෙම තරඟයේදී ලකුණු 11 කට දැවීගියා.

විජයකාන්ත් වියස්කාන්ත් දවාගත් කඩුලු (වීඩියෝ)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button