කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතකය දසුන් ශානකට. - SL Cricket Lions - Sinhala
RecordsVideo

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතකය දසුන් ශානකට.

2026 CPL තරගාවලියේ අද පැවතී St kitts and Nevil Patriots කණ්ඩායම හා St Lucia Kings කණ්ඩායම අතර තරඟයේ වේගවත් ශතකයක් රැස්කර ගැනීමට දසුන් ශානක සමත්වුණා.

පළමුව පන්දුවට පහර දුන් ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 235ක් රැස්කරගත්තේ දසුන් ශානක නොදැවී ලබාගත් වේගවත් ලකුණු 121ත් සමඟින්.

දසුන් ශානක පන්දු 43ක් පමණක් වැයකරමින් හතරේ පහර 8ක් හා හයේ පහර 12ක් සමඟින් වේගවත් ලකුණු 121ක් රැස්කරගත් අතර, ඔහු ශතකය සම්පූර්ණ කලේ පන්දු 39කිනි. එය කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉහිතාසයේ වේගවත්ම ශතකයයි. මීට පෙර එම වාර්තාවට හිමිකම්කීවේ 2018දී පන්දු 40කින් ශතකයක් රැස්කරගෙන තිබූ ඇන්ඩෘ රසල් ය.

දසුන් ශානකගේ වේගවත් ඉනිම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button