මහේල ජයවර්ධන ඉන්දීය පුහුණුකරු සටනට… - SL Cricket Lions - Sinhala
News

මහේල ජයවර්ධන ඉන්දීය පුහුණුකරු සටනට…

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරය සම්බන්ධව විවිධ පුවත් පළවන පසුබිමක ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධනත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තනතුර වෙනුවෙන් ඉල්ලුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මහේල සමඟින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) මේ සම්බන්ධව සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වෙනවා.

මහේලට අමතරව හිටපු ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර්ද ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා ඉල්ලුම් කර ඇති අතර ස්ටෙෆන් ෆ්ලෙමින් සහ ජස්ටින් ලැන්ගර් වැනි දක්ශ පුහුණුකරුවන් සමඟින්ද BCCI සාකච්ඡා කර තිබෙන අතර ඔවුන් පූර්ණ කාලීන ජාත්‍යන්තර පුහුණුකරු ධූරයක් වෙනුවෙන් කැමැත්ත පළකර නැතිබව ද වාර්තා වෙනවා.

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා අයදුම් කිරීමට ඇති කාලය මැයි 27 වැනිදා ගෙන් අවසන් වන අතර මේ වන විට දැනට අයදුම් කර ඇති අය අතරින් මහේල ජයවර්ධන සහ ගෞතම් ගාම්භීර් ඉදිරියෙන්ම සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button