තියුණු තරඟයකින් අනතුරුව SRH එක් ලකුණක ජයක් වාර්තා කරයි.. - SL Cricket Lions - Sinhala
IPLLeague

තියුණු තරඟයකින් අනතුරුව SRH එක් ලකුණක ජයක් වාර්තා කරයි..

( වීඩියෝව පහතින් නැරඹිය හැකියි ) මෙවර IPL තරඟාවලියේ 50 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව එක් ලකුණක ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 කට ලකුණු 201 ක් රැස්කළ අතර විශිෂ්ට ඉනිමක් දියත්කළ නිටිශ් කුමාර් රෙඩ්ඩි පන්දු 42 කින් නොදැවී ලකුණු 76 ක් වාර්තා කළා. ඊට අමතරව ට්‍රැවිස් හෙඩ් පන්දු 44 කින් ලකුණු 58 ක් සහ හෙන්රිච් ක්ලාසන් පන්දු 19 කින් නොදැවී ලකුණු 42 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රාජස්ථාන් රෝයල් කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 200 ක් රැස්කළ අතර එක් ලකුණකින් ඔවුන්ට ජය අහිමිවුණා. ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් පන්දු 40 කින් ලකුණු 67 ක් වාර්තා කළා. නැවතත් විශිෂ්ට ඉනිමක් දියත්කළ රියාන් ප්‍රාර්ග් පන්දු 49 කින් ලකුණු 77 ක් රැස්කළ අතර රෝව්මන් පවල් රාජස්ථාන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයාමට සටනක් ලබාදුන්නත් කමින්ස් සහ බුවනේශ්වර් අවසන් පන්දුවාර දෙක විශිෂ්ට ලෙස යොමුකිරීමත් සමඟින් අවසන් පන්දුවේදී එම උත්සහය අපතේ ගියා.

බුවනේශ්වර් කුමාර් ලකුණු 11 ක සීමාකළ අවසන් පන්දුවාරය (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button