ශකිබ් අල් හසන්ව ඉවකරමින් අංශ තුනම එකම නායකත්වයක් යටතට. - SL Cricket Lions - Sinhala
News

ශකිබ් අල් හසන්ව ඉවකරමින් අංශ තුනම එකම නායකත්වයක් යටතට.

බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනේම නායකත්වය නජ්මුල් හුසේන් සන්ටු හට ලබාදීමට බංග්ලාදේශ ක්‍රීකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නෙ ශකිබ් අල් හසන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා නායකත්වය දැරීමට සූදානමින් සිටි පසුබිමක වීම විශේශත්වයක්.

ඒ අනුව තරඟ රටා ත්‍රිත්වයේම නිත්‍ය නායකත්වය හිමිවීමෙන් පසු නජ්මුල් හොසේන් සන්ටුගේ පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරඟ සංචාරයයි. ඊට ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ තුනක් සහ විස්සයි විස්ස තරඟ තුනක් ඇතුළත්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button